ශ්‍රීලනිපය ‍රැකගැනීමේ වගකීම චන්ද්‍රිකා බාරගනී !

ශ්‍රීලනිපය ‍රැකගැනීමේ වගකීම චන්ද්‍රිකා බාරගනී !

2015 ජනවාරි අට වනදා ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින් ජනතාවට ද්‍රෝහී වූ කොටස් සමඟ එක්වී  ශ්‍රිලංකා නිදහස් පක්ෂය යටපත් කිරීමට ගන්නා උත්සාහය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තරයේ හෙළා දකි.  

විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව පවසයි.

ජනවාරි අට ශ්‍රිලනිපයත් අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් ඒකරාශි කරගෙන  වැදගත් රටක් පිරිසිඳු පාලනයක් ගොඩනැගීම සඳහා කළ සටන ජය ගත්තත්  ශ්‍රිලනිප විරෝධී කොටස් පොහොට්‍ටු පක්ෂයට එක්වී ශ්‍රිලනිපය යටපත් කිරීම සඳහා උත්සාහයක් දරමින් තිබෙන බව ඇය අවධාරණය කරයි.  

එමෙන්ම, ශ්‍රිලනිපය අත්හැර මොනයම් හෝ පක්ෂයකට කවුරු ගියත් තමන් පක්ෂය අත් නොහරින බවත්  වැටී තිබෙන පක්ෂය යළිත් වතාවක් ගොඩනගා ජයග්‍රාහි මාවතට ගෙන ඒම සදහා සැබෑ ලෙසම  ශ්‍රී ලනීප යට ආදරය කරන පාක්ෂිකයන් සමඟ තමන් ද ඇප කැප වෙන බවත් ඇය  සපත කර සිටී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ  මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න