කෝ.. ඩෝ .. කවුද අඩෝ..හු.. කියන්නේ : වාසු උසාවි පරිශ්‍රයේ යකා නටයි ! (වීඩියෝ)

කෝ.. ඩෝ .. කවුද අඩෝ..හු.. කියන්නේ : වාසු උසාවි පරිශ්‍රයේ යකා නටයි ! (වීඩියෝ)

කුමන්ත්‍රණ ආණ්ඩුවේ භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (12) ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී ඉතා අප්‍රසන්න ආකාරයට හැසිරී ඔහුගේ ජාතික භාෂාවෙන් රැස්ව සිටි පිරිස අමතා ඇති බව වාර්තා වෙයි.

ඒ අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී බවට පාර්ශව 11ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අවස්ථාවට එක්වෙමින් සිටි අවස්ථාවේය.
 
එහිදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව වාසුදේව අමාත්‍යවරයා ගෙන් විමසන්නේ එය ව්‍යවස්ථාවට අනුකූල ද කියාය.
 
එහිදී අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිට විධායක බලයට අමතරව ජනතාව දුන්න බලයක්ද තියෙන බවය. එහිදී රැස්ව සිටි පිරිස විවිධ ප්‍රශ්න අසන අතර එහිදී වාසුදේව අමාත්‍යවරයා චණ්ඩි වෙස් ගෙන අඩෝ... කවුද ඩෝ හූ කියන්නේ, කියමින් පිරිස අතරට කඩා වැදී යකා නටන්නට ගෙන ඇත.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න