එංගලන්තයේ මහා රැජින තවමත් නොනවත්වා අත සෝදමින් සිටින බවත්, ඊට හේතුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මේස් ගලවා අතට අත දීම බවත් ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර පවසයි.
කම්මැල්ලවීර මහතා මෙසේ ප්‍රකාශ කළේ පෙරමුණ මගින් සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විද්වත් පෙළගැස්ම නම් සම්මන්ත්‍රණය අමතමිනි.
මෙම ප්‍රකාශය හාස්‍යයට පවසන්නක් වුවද, හාස්‍යය අභිභවා ගිය ගැඹුරු සත්‍යයක් එහි අන්තර්ගත බ වද කම්මැල්ලවීර මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබාගත් අවස්ථාවේ සිට ජනාධිපතිවරයා මේ පාවාදීම ආරම්භ කළ බවත්, එහි අවසානය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිවර පොහොට්ටුවාදීන් බවට පත්වීමෙන් සිදු වූ බවත්, ඒ වන විට ඔහු සියල්ලන් පාවා දී රට විනාශ කර අවසන් බවත් කම්මැල්ලවීර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
