ජනාධිපතිට අභියෝග බෑ : පෙත්සම් ප්‍රතික්ෂේප කරන්න - නීතිපතිගේ අන්තිම තුරුම්පුව ?

ජනාධිපතිට අභියෝග බෑ : පෙත්සම් ප්‍රතික්ෂේප කරන්න - නීතිපතිගේ අන්තිම තුරුම්පුව ?

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති ජයන්ත ජයසූරිය එසේ ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (13) යළි විභාගයට ගත් අවස්ථාවේදීය.

නීතිපතිවරයා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇතැයි නිවේදනය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න