අත පොහොට්ටු අළුත් සන්ධානයක් : නායක සිරිසේන - සභාපති මහින්ද !

අත පොහොට්ටු අළුත් සන්ධානයක් : නායක සිරිසේන - සභාපති මහින්ද !

ජනාධිපති සිරිසේන විසින් කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන්ගේ රැස්වීම හදිසියේ අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ඒ  ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලනිපයේ ඇති විරෝධතා හේතුවෙනි.

එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටුවටද ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විරෝධයක් එල්ල වී ඇති බවද වාර්තා වෙයි. 

කෙසේ වෙතත් එම කමිටුව විසින් මහා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා සකස් කිරීමට නියමිතය. 

මේ අතර  ජනාධිපති සිරිසේන  හා මහින්ද රාජපක්‍ෂ ඊයේ (12) කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී  විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දෙපාර්ශවයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ  අවසන් තීන්දුව අරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව නව සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමු⁣ණ නමිත් හඳුන්වා ගෙන ඇති අතර එහි නායකත්වය සිරිසේන ජනාධිපතිටත්, සභාපතිත්වය මහින්ද රාජපක්ෂටත් ලබාගෙන ඇත.

කෙසේ වුවත් මෙම තීරණය සම්බන්ධව මෙතෙක් එකඟතාව පළකර ඇත්තේ දෙපාර්ශවයේ නායකයන් පමණක් බවත් පක්ෂ මට්ටමින් මේ ගැන කිසිඳු අවසන් තීරණයක් නොමැති බවත් දෙපාර්ශවයේ ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න