නාඩගම් අවසානයි - නාමල් කුමාරත් පොහොට්ටුවෙන් මැතිවරණයට !

නාඩගම් අවසානයි - නාමල් කුමාරත් පොහොට්ටුවෙන් මැතිවරණයට !

යම් හෙයකින් මහ මැතිවරණයක් කැඳවන ඕනෑම අවස්ථාවකදී තමන් ද ඒ සඳහා තරඟ කරන බව  දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසයි. 

එහිදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ළකුණ යටතේ තරඟ කිරීමට තීරණය කළ බව ඔහු කියා තිබේ.  

පසුගියදා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කිරීමත් සමඟ නාමල් කුමාරගේ චරිතය කරළියට පැමිණ තිබුණි. 

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන බල පෙරළීන් හා නාමල් කුමාරගේ දේශපාලන ප්‍රවිශ්ඨය සළකා බලන විට යහපාලන රජය පෙරළීමේ අවශ්‍යතාවය තිබුණේ කාටද යන්න දැන් හොඳින් පැහැදිළි වෙමින් තිබේ. 26 වැනිදා රාත්‍රිෙය් සිදු වූ දේශපාලන සූදුව තුළ නාමල් කුමාර නම් ජොකියාගේ කාර්යභෘරය පුළුල් එකක් වූ බව දැන් පෙනී යන කරුණකි. 

සිරිසේන ජනාධිපතිවරයා සිය පළමු ජාතිය ඇමතීම හෙවත් දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ තමාව ඝාතනය කිරීමට  අගමැති  රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන බවට තමාට ලැබුණු තොරතුරු නිසා රාජපක්ෂට අගමැතිකම පිරිනැමූ බව පවසමිනි. 

පසුගිය කාලයේ මාධ්‍ය ඉදිරියේ වීරයා වෙමින් ඔහු පැවසූ සියලු තොරතුරුවල අවසාන ප්‍රතිඵලය අනුව දැන් නාමල් කුමාර කාගේ ඉත්තෙක්දැයි හොඳින්ම පැහැදිලිය.  නාමල් කුමාර හැංගි හැංගි බැඳි වෙස් එළිපිට නටන දිනය එළඹෙන තුරු අනාවැකි කීමද කල් වැඩිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න