නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිරිසේනව හාන්සි කළ හැටි මෙන්න !

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිරිසේනව හාන්සි කළ හැටි මෙන්න !

සිරිසේන ජනාධිපති ව්‍යවස්ථා විරෝධී ආකාරයට සිදුකළ පාර්ලිමේන්තුව විසුරවා හැරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ඊයේ (12) සිදුවිය.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ කනගේශ්වරන් කරුණු ඉදිරිපත් කර ඇත.

එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හතර හමාර ඉක්මවා ගිය පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම ඉන් එක් අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම අනෙක් අවස්ථාව බව ද ජනාධිපති නීතිඥ කේ කනගේශ්වරන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහෙත් ඉකුත් නව වනදා (09) පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි නීති විරෝධී ප්‍රකාශනයක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත ප්‍රකාශනයක් බව සඳහන් කළ ඔහු, එය අවලංගු කිරීමට අධිකරණයට බලයක් පවතින බව ද සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ මාරපන මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

මේ ආකාරයෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ මාරපන පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න