ජනාධිපතිට හොඳ පාඩමක් උගන්වනවා - රාජිත 

ජනාධිපතිට හොඳ පාඩමක් උගන්වනවා - රාජිත 

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා පුළුල් සංධානයක් ගොඩනැගීමට අදාල කෙටුම්පත සකස්කර අවසන් බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගැනීම සදහා ජනතාව සමග ඉටිපන්දම් දැල්වීමේ නිහඩ විරෝධතාවයට එක්වීමෙන් ඔහු මේ බව කියා සිටයේය.
කොළඹ බේරේ වැව පරිශ්‍රෙය්දී, මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේසේ පැවසීය.

ප්‍රජාතන්ත්‍ර හා ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගී තිබෙනවා. මෙය පක්‍ෂ දේශපාලනයට ලඝූ කරන්න බැහැ. පොදු කරුණක් ජනාධිපතිවරයා විධායක බලතල අහෝසි කරන බව මැතිවරණයේදී ප්‍රකාශ කලත් ව්‍යවස්ථාවේ නොමැති බලතලද භාවිතා කරනවා. ලොව පක්‍ෂ මාරු කළ නායකයින් සිටියත් ජනාධිපති ධූරයට පත්වූ පසු පක්‍ෂ මරුකල ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසගත වෙනවා. ජනාධිපතිවරයා එය සිදුකළේ තම ප්‍රථිපත්තිද වෙනස් කරමිනි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සහ කළත් මන්ත්‍රීවරුන් 113 ක බහුතරය හදා ගන්න බැරිඋනා. නමුත් අපට 120 කට වඩා වැඩි බහුතරයක් හිටියා. ඔවුන් මුදලට යටත්උනේ නැහැ. ලංසු දිලා මන්ත්‍රීවරු ගන්න බැරි වුණාම  පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අද එය පාරා වලල්ලක් වී මන්ත්‍රී වරුන්  පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද විනාශ කරමින්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට සිටින මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එරෙහිව කැරැල්ලක් ආරම්භකර තිබෙනවා. නව අර්බුදයක් ජනාධිපතිවරයා නිර්මාණය කර තිබෙනවා.

මහ මැතිවරණය සදහා අපි පුළුල් සංධානයක් ගොඩ නගනවා. එය කෙටුම්පත් කර අවසන්. එහි පිටපත් දේශපාලන පක්‍ෂ වලට ලබා දී තිබෙනවා. නව සලකුණක් යටතේ තමයි මැති වරණට ඉදිරිපත් වන්නේ. නායකත්ව මණ්ඩලයක් ද ඇතුලත්. ප්‍රජාතන්ත්‍රවාදය අරක්‍ෂාකර ගනිමින් අපි සිදු කරන වැඩ නිසා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ එකින් එක සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඉදිරියට එන්න මෙම පුළුල් සංධානය මගින් ජයග්‍රහණ හිමි කර ගනිමින්, ඒකාධිපති වියරුව පරාජයට පත්කළ යුතුයි. මීට පෙර පැවති ඒකාධිපති වියරුවද අපි පරාජයට පත් කළා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිවරයාට දේශපාලන පාඩමක් උගන්වනවා.

– රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න