Language Switcher

V2025

කතානායකගේ ලේ සෙලවීමේ කුමන්ත්‍රණයත් පරාදයි ! (වීඩියෝ)

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරුන් සුළුතරය අද (15) පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරියට පහරදී තුවාල සිදුකිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව වාර්තා වෙයි.

ඒ කුමන්ත්‍රණ ආණ්ඩුවට බලය තහවුරු කරගැනීමට නොහැකිවීමේ වියරුව නිසා වන අතර ඔවුන්ගේ සැළැස්ම වී තිබී ඇත්තේ කතානයකවරයට පාර්ලිමේන්තුව තබා ඔහුගේ ජීවිතයත් ආරක්ෂා කර ගැනීම දුෂ්කර බවත් ඒ හමුවේ මන්ත්‍රීවරුන්ගේ අවරප්‍රසාද ආරක්ෂා කිරීමක් කොහෙත්ම අපේක්ෂා කල නොහැකි බවට මතයක් සකසා පාර්ලිමේන්තුව විසුරවා හැරීම සඳහා ජනාධිපති සිරිසේන ගනුලැබූ තීන්දුව සාධාරණීකරණය කිරීමය.

අද පාර්ලිමේන්තුවේ දී එම කුමන්ත්‍රණය දියත්වූ අතර ලංකා ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ආකාරයේ නින්දිත හැසිරීමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මරා - සිරා පාර්ශවයේ මන්ත්‍රී අම්බරුවන් වෙතින් ප්‍රදර්ශනය වුයේ ඒ අනුවය.

මෙහි පැහැදිළි කුමන්ත්‍රණයක් පැවති බව තහවුරු කරණ කරුණු ගණනාවක් අප වෙත වාර්තා වෙයි.
1111

2222

3333

එයින් පළමු වැන්න පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පළමුව කතානායකවරයා වෙත කඩාපැන බැන තර්ජනය කිරීම.

අනතුරුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීන් කතානායකවරයා වටකර ගැනීම.

දිළුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මේසය මත ඇති මයික්‍රෆෝනය ගලවා ගැනීමට ප්‍රයත්න දැරීම.

ඒ අවස්ථාවේ කතානයකවරයට පහරදීමට ගනු ලැබූ නින්දිත උත්සාහය වැළකී යන්නේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් එතුමාගේ ආරක්ෂාවට ඔහු අසලට පැමිණීම නිසාය.

අනතුරුව එම මන්ත්‍රී කණ්ඩායමේ  සෙරප්පු, කසල බඳුන් ආදියෙන් කතානායකවරයා සිටින දෙසට දමා ගසන්නට කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීන් කටයුතු කරන අතර ඒ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාය.  තවත් අයෙකු කතානායක පුටුවට වතුර වක්කරන්නේ කතානයකවරයට අසුනේ මුත්‍රා ගිය බවට ප්‍රචාරය කර ඔහුගේ කීර්තිනාමය කෙළෙසීමටය.

එහෙත් අවසානයේ සිදුවූයේ මයික්‍රෆෝනය ගළවා කතානායකවරයාට පහරදීමට ගිය දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ අත කැපී යාමය. කතානායකට ගහන්න ගිය ලොහාන් රත්වත්තේ තමන්ට පහරදීමක් සිදුවූ බව කියමින් රෝහල් ගත කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවසීමය.

කෙසේ වුවත් අද කුමන්ත්‍රණ ආණ්ඩුව උත්සාහ කළේ පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ ලේ සොලවා පාර්ලිමේන්තුව විසුරවා ගැනීමටය. තමන්ට බහුතරයක් නොමැති බව ඔප්පු වී ඇති පසුබිමේත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ තම වහල් මන්ත්‍රීවරුන් මේ ලේ පිපාසිත උත්සාහයට පොළඹවා පාර්ලිමේන්තු සභා ගැබෙන් එළියට ගිය බවද අප වාර්තාකරුවන් සඳහන් කරයි.

මෙම නින්දිත උත්සාහය සම්බන්ධව බීබීසී මාධ්‍යවේදියා මුහුණු පොතට එක්කර තිබූ වීඩියෝව පහත දැක්වේ.