විශ්වාසභංගයට සහයදුන් පක්ෂ නායකයන් : අද (15) සිරිසේන ජනාධිපති හමුවෙනවා - පාඨලී 

විශ්වාසභංගයට සහයදුන් පක්ෂ නායකයන් : අද (15) සිරිසේන ජනාධිපති හමුවෙනවා - පාඨලී 

අද (15)  සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122නාම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් ඔහු පවසයි.
එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

‘‘අද බටහිර රටවල් බටහිර රටවල් යැයි කියන අයගේ දරුපවුල් පිටින් ඉන්නේ පිටරවල. මහින්ද රාජපක්ෂ මහතාගේ බටහිර රටවල් ගැන කතා කරනවා හැබැයි ඔහුගේ සහෝදරයන් ඇමෙරිකාවේ යැංකි අධිරාජ්‍යයේ පුරවැසියෝ.  ඔවුන්ට ඇමෙරිකාවේ පුරවැසි භාවය තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ පැත්තකට වෙලා ඉන්නේ ඇමරිකානු දේපල ටික නැති වෙයි කියන බවය. ‘

‘‘හිටපු ජනාධිපතිවරයා මට කතා කළා. මම එතනට ගියා. අපි සුහදව කතා කරමින් හිටියා. එතුමාම හදාගත්ත පාදඩයන් එතුමට පාලනය කරගන්න බෑ. ඩොලර් 85 සිට 59ට තෙල් මිල අඩු වුණ නිසා මිල කොහොමත් අඩු විය යුතුයි.‘‘

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න