මැතිවරණයක් නම් ඒ ජනාධිපතිවරණයක් විය යුතුයි - පාඨලී

 මැතිවරණයක් නම් ඒ ජනාධිපතිවරණයක් විය යුතුයි - පාඨලී

එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බලවේග මැතිවරණ සඳහා බිය නොමැති බවත් හැකියාවක් ඇත්නම් ජනාධිපතිවරණයක් සමඟ මහ මැතිවරණයක් එකට පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියෝග කරයි.

මන්ත්‍රීවරයා මේ අභියෝගය එල්ල කර සිටියේ ලිප්ටන් වටරවුමේ පැවති එක්සත් ජනතා පෙරමුණේ විරෝධතා රැළිය අමතමින්ය.
 
එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවට අභියෝග කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිසේනත්, අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන ලෙසත් ඒ දෙදෙනා එකට තබා පරාජය කර පෙන්වීමේ ජවය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බලවේගය සතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
අද වන විට මැජික් පොල්ලක් අතේ තියාගෙන පිල් මාරු කෙරුමා ලෙසින් පෙනී සිටි බැසිල් රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් අද හැංගී සිටින බවත් ඒ ඔවුන්ගේ ඇමරිකානු පුරවැසිභාවය නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔවුන් එසේ වුවත් මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිට ඇත්තේ රාජපක්ෂලාමෙන් ඩබල් ගේම්කාරයන් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගීසිටින  මේ සියළු දෙනා මේ බිමට ආදරය කරන මේ බිමේ උපන් ජනතාව බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න