හවස 5 ට ජනාධිපතිට කියන කතාව : රවුෆ් හකීම් කළින්ම කියයි !

හවස 5 ට ජනාධිපතිට කියන කතාව : රවුෆ් හකීම් කළින්ම කියයි !

අද (15) සවස 5ට ජනාධිපති සමඟ සාකච්ඡාවක් තිබෙන බවත් එහිදී ජනාධිපතිට කියන්න ඇත්තේ වසර 4 1/2ක් යනතුරු මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් ජනවාරි 8න් පසුව ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බැවින් ජනාධිපතිවරණයකට යමු කියා පමණක් බවත් මුස්ලීම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ලිප්ටන් වට රවුමේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විරෝධතා රැළිය අමතමින්ය.
 
කුමන්ත්‍රණ ආණ්ඩුවට මුස්ලීම් ජනතාව බාගැනීම සඳහා පහත් උත්සාහයක් ගත් නමුත් තමන් සහ රිෂාඩ් බදියුදීන් මහතා එක්ව ඒ කුමන්ත්‍රණයට එරෙහිව එකට මුහුණදුන් බවද හකීම් මන්ත්‍රීවරයා පැවසීය.
 
එසේම අද පාර්ලිමේන්තුවේදී මැදමුලන පෞරුෂය හොඳින් දක්නට ලැබුණු බවත් එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද  තම මන්ත්‍රීවරුන් යොදවා කතානායකට හිරිහැර කර හොර රහසේ සභාවෙන් නික්ම ගිය බවය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න