සිරිසේන තමුන්ට තව හෝරා කිහිපයි : ලැස්ති වෙනවා -  පූජ්‍ය දඹර අමිල හිමි අවසන් විධානය නිකුත් කරයි !

සිරිසේන තමුන්ට තව හෝරා කිහිපයි : ලැස්ති වෙනවා -  පූජ්‍ය දඹර අමිල හිමි අවසන් විධානය නිකුත් කරයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ විසින් අද (15) ලිප්ටන් වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතා රැළිය සඳහා මෑත ඉතිහාසයේ රැස්වූ අතිවිශාලම ජන සහභාගීත්වය සිදුවූ බව වාර්තා වෙයි.

එහිදී විරෝධතා රැළිය ඇමතු පුජ්‍ය දඹර අමිල පවසා සිටියේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමට සිරිසේන කටයුතු කළහොත් ජනාධිපති මන්දිරය වටලන බවය.

එබැවින් මේ ජනගඟ දෙස බලා ජනාධිපතිවරයා කටයුතු කලයුතු බවත් එසේ නැතිවුවහොත් මැදමුලන ඊනියා රජා මැදමුලනේ ජනේලයේ එල්ලුවා සේ පොළොන්නරුවේ සිරිසේන පඹයා ව පොළොන්නරුවේ කුඹුරක හිටුවා පෙන්වන බවද උන්වහන්සේ පැවසීය.

ජනවරමට පිටුපා කටයුතු කළ ජනාධිපති සිරිසේන මුළු රටම මිනීමරුවන්ට පාවාදී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ අකටයුත්ත පරාජය කිරීමට තමන් වහන්සේ ඇතුළු සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය මාරාන්තික උපවාසයක් දියත්කරන බවද උන්වහන්සේ පැවසීය. 

එසේම ඇතැම් භුක්ෂුන් චීවරයට පවා නිගාදෙන ආකාරයට මේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කළ බවත් ඒ සියළු දෙනා වෙහෙසුනේ මැදමුලන මිනීමරු පවුලට යළි මේ රටේ පාලන බලය ලබාදීමට බවද දඹර අමිල හිමියන් පැවසීය.

පහත දැක්වෙන්නේ අද ලිප්ටන් වටරවුමට රැස්ව සිටි මහා ජන ගඟය.

{gallery}dabaraamia{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න