පොලිස් කොමිසම කෙළින් සිටියි : නිශාන්ත නැවතත් CID එයි : සිරිසේන කොරවෙයි !

පොලිස් කොමිසම කෙළින් සිටියි : නිශාන්ත නැවතත් CID එයි : සිරිසේන කොරවෙයි !

සිරිසේන ජනාධිපතිගේ බලපෑම මත අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට පොලිස්පතිවරයා  ලබා දුන් ස්ථානමාරුව පොලිස්පතිවරයා විසින්ම අද (20) අහෝසි කර තිබේ.

වාර්තා වන ආකාරයට සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙන අතුරුදහන් කිරීම ඇතුළු අපරාධ නඩු ගණනාවක විමර්ශන නිලධාරියා වුයේ නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකවරයා වූ බැවින් ඊයේ (19) මෙම ස්ථාන මාරුව ලබාදීම සම්බන්ධව ජාතික පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාගෙන්  වාර්තාවක් කැඳවා තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව එලෙස පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවූයේ එම කොමිසමට ලැබුණු පැමිණිලි තුනක් සලකා බැලීමෙන් පසුවය.

පොලිස් කොමිසම මැදිහත් වෙයි !

තමාට දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා  ද  අභියාචනයක් කර තිබුණු බවත්, එම ස්ථාන මාරුව  අවලංගු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යිවේදීන්ගේ සංගමයෙන් ඉල්ම් දෙකක් ඉදිරිපත් වූ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති DWRB සෙනවිරත්න ද නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුවට අදාළ චෝදනාව සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කර ලිපියක් යොමුකර ඇති අතර එහිදී  තම නිලධාරියා LTTE සංවිධානයට සම්බන්ධ බවට සිදුකර ඇති චෝදනාව පදනම් විරහිත අමුලික අසත්‍යක් බව දන්වා ඇතැයිද වාර්තා වෙයි.

අපරාධ චෝදනා ලබා ඇති රවීගේ බොරු චෝදනාව !

මේ අතර පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ප්‍රචාරයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් අදාළ නිලධාරියා   එල්ටීටීඊයට විසින් කරල ලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකර  වැරදිකරුවන්  නීතිය ඉදිරියට ගෙනවිත් තිබෙන බවත්  ඔහුට එරෙහිව  අපරාධවලට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කිසිම තොරතුරක් හෝ සාක්ෂියක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

අප වෙත ලැබුණු තොරතුරු අනුව සිරිසේන ජනාධිපති විසින් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිට නියෝග කර ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ බලපෑම මතය. 

රවීට පොලිස්පතිගෙන් කරගන්න බැරිවූ දේ ජනාධිපතිගෙන් කරවාගෙන !

එසේම නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකක LTTE චෝදනා එල්ලකර ඇත්තේද රවින්ද්‍ර විජේගුණරත්න විසින්ය. පළමුව මෙම චෝදනාව පොලිස් පරීක්ෂවරයට එල්ලකර පොලිස්පතිවරයා අමතා දැනුම්දී ඇත්තේද  රවින්ද්‍ර විජේගුණරත්න ය. එහිදී ඔහු නිශාන්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කරන ලෙස පොලිපතිවරයාට බැන තර්ජනය කර ඇති බවද දැනගන්නට ඇත. එසේම තම වචනයට අනුව ක්‍රියා නොකළොත් ජනාධිපතිවරයා දැනුවත් කර එය සිදුකරන බවද පවසා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවත් පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ වැඩි දෙනකු ශ්‍රී  ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ සේවය කළ උදවිය වීමත් ඔහුට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැතිවීමත් හේතුවෙන් පොලිසිය කටයුතු කර නොමැත. නමුත් පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුව ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුවය.
එහෙත් පොලිස් කොමිසමේ මැදිහත්වීම සහ සමාජ මාධ්‍ය ජාල ඇතුළු වෙබ් අඩවි වල එල්ලවූ විරෝධය හමුවේ මේ නින්දිත ක්‍රියාව ආපසු හැරවීමට හැකිව තිබේ.

ලැජ්ජයි සිරිසේන !

කෙසේ වුවත් ජනතාව මේ හමුවේ දැනුවත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත.

ඒ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පිහිටවූ සිරිසේන කොතරම් පහත් තැනක සිට කුමන්ත්‍රණ අගමැති මහින්ද ඇතුළත් ආණ්ඩුව රකින්න කටයුතු කිරීමට අදාළවය. පළමුව පාර්ලිමේන්තුව අක්‍රීය කළ මේ කුමන්ත්‍රණයේ ප්‍රධානීන් දැන් රටේ සිවිල් පාලනය ද අත්කර ගන්නට නින්දිත අයුරින් මැදිහත්ව තිබේ. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගේ ස්ථාන මාරුව ඊට කදිම සාක්ෂියක් සපයයි. 

නිශාන්ත සිලවාගේ වැඩ මෙන්න !

සැබවින්ම ජේෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්රපව්යව අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්රුණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ලේදී  බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගත්තේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය.
 
2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය  කිරීම,  ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්රමහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී එස් සේනානායක විද්‍යාලයේ  සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින්  ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක්ය.
 එපමණක් නොව රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දරුණු අපරාධ කිහිපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශන කටයුතු සිදුකරන පොලිස් පරීක්ෂක  නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් අංශයක් සඳහා මාරු කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

තවද කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම,  ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී  කපා කොටා ඝාතනය කිරීම  ආදී විමර්ශන  ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

වාරියපොල අවුලේගම ප්රතදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්රයකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්රාලත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලට ද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම,  මාධ්ය වේදී ලසන්ත වික්ර මතුංග මහතා ඝාතනය කිරීම, මාධ්ය්වේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.
ආරක්ෂක මාණ්ඩලික ප්ර්ධානී අද්මිරාල් රවීන්ද්ර් විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්ර්මාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේ ද නිශාන්ත සිල්වාය. 

ඒ අනුව සිරිසේන ජනාධිපතිගේ නින්දිත හැසිරීම පැහැදිළිය. ඔහු අපරාධකරුවන් රැකීම වෙනුවෙන් අධිකරණය පවා අත්අඩංගුවට ගැනීමට නියමකර ඇති රවීන්ද්‍ර විජේගුණරත්න රකිමින් එදා මහින්ද රාජපක්ෂ ගිය පාරේම ඔහුව අජමති ලෙස පත්කරගෙන යමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න