ඉලන්චේලියන් විනිසුරුට වෙඩි තැබූ තිදෙනාටත් ඇප !

ඉලන්චේලියන් විනිසුරුට වෙඩි තැබූ තිදෙනාටත් ඇප !

යාපනය මහාධිකරණ විනිසුරු ලෙස සේවය කළ එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදකළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ (19) ඇප ලබා දී තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමචන්ද්‍රන්  දැඩි ඇප කොන්දේසි මත මෙසේ සැකකරුවන් නිදහස් කර ඇත.

යාපනය නල්ලූර් කෝවිල අසල දී  2017 ජූලි මස 22 දා ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මිය ගිය අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත්  සැකකරුවන් තුන් දෙනෙකු යාපනය පොලීසිය මඟීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කෙරිණ.

මේ පිළිබඳව වූ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට දන්වා සිටියේ මේ විත්තිකරුවන් කාලාන්තරයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින නිසා යම් ඇපයක් මත ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප හා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් නිදහස් කිරීමට නියෝග කළ බව යාපනය පොලීසිය පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න