කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව : එජාපෙන් විරෝධතා රැල්ලක් !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව : එජාපෙන් විරෝධතා රැල්ලක් !

රට තුළ  සිදු වන  සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට  එකතුවන්නට එක්සත්  ජාතික  පෙරමු‍ණේ  පක්ෂ නායකයින් තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන්  අරලියහග මන්දිරයේ පැවැති  රැස්වීමකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය.

ඒ අනුව  හෙට (21)  පස්වරු 3 ට වෘත්තිකයන්ගේ  අඛණ්ඩ සත්‍යග්‍රහයක් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වේ.

විද්වත් වෘත්තිකයන් හා වෘත්තිය සමිති එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතය.

එහි ප්‍රථිපලයක් නොමැති වුවහොත්  මාරාන්තික උපවාසයක් දකවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් තීරණය කර තිබේ. ලබන 27 වැනිදා උදෑසන 9 ට  මහනුවර නගරයෙදී උද්ඝෝෂණ පැවැත්වෙන අතර 27 වැනිදා  කලුතර  පැවැත්වේ.

ලබන මස 03 වැනිදා  සියලුම වෘතිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න