ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ජනාධිපති සිරිසේන විසින් ලබාදුන් ස්ථාන මාරුව මහින්ද රාජපක්ෂගේ 73 වන උපන් දිනය වෙනුවෙන් ලබාදුන් ත්‍යාගයක් බව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය සඳහන් කරයි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මේ බව සඳහන් කර තිබෙන්නේ ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යොමු කරමින්.
2015 මැතිවරණ වේදිකාවේ තම පියා වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ විමර්ශන සිදුකරන බවට එදා සිරිසේන පොදු අපේක්ෂකයා වශයෙන් ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දුව ගැනද සිහිපත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ පසුගිය 18 වනදා පැවති උපන්දිනය මහින්ද රාජපක්ෂගේ මිස ගෝඨාභය රාජපක්ෂගේ නොවන බවයි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනාධිපති සිරිසේන වෙත යොමුකළ සම්පුර්ණ ලිපිය පහත දැක්වෙයි.



