ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් (Moodys') ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ ආර්ථික තත්වය පැවති මට්ටමට සාපේක්ෂව සහත මට්ටමකට නම් කර තිබේ.
ඒ අනුව මෙතෙක් පැවති බී වන් අගයේ සිට අද (20) ඔවුන් එය බී ටූ අගය දක්වා පහත දමා ඇති බව මූඩිස් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වේ.
මෑත කාලීන දේශපාලන අස්ථාවරයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ විදෙස් සංචිත පිළිබඳ සලකා බලා මෙම පහළ දැමීම සිදුකර ඇති බව එම ආයතනය සඳහන් කරයි.
මේ සම්බන්ධව මූඩිස් (Moodys') ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහත සබැඳියෙන් කියවාගත හැක.
මේ අතර ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කියා සිටින්නේ මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෑතකාලයේ එල්ල වූ දරුණුතම බලපෑම බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තබා ඇති ට්වීටර් පණිවිඩය පහත දැක්වේ.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද පැවසේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.
මේ සම්බන්ධව newstube.lk පළවූ පුවත පහත දැක්වේ.
IMF ආධාර අත්හිටුවයි : සිරිසේනගේ කුමන්ත්‍රණයට අපමණ අගයක් !

