IMF ආධාර අත්හිටුවයි : සිරිසේනගේ කුමන්ත්‍රණයට අපමණ අගයක් !

IMF ආධාර අත්හිටුවයි : සිරිසේනගේ කුමන්ත්‍රණයට අපමණ අගයක් !

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව 2016 ජූනි මාසයේ 03 දින ශ්‍රී ල‘කාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් තුන් අවුරුදු ව්‍යාපෘතියක් සහ 185%ක කෝටාවක් අනුමත වී තිබුණා. ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කිරීමට සිටි මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකි වෙනවා. 

මෙම ව්‍යාපෘතියට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  ක්‍රියාවට නැංවූ ඉන්ධන මිල සූත්‍රය ද  ඇතුළත් ව තිබුණා. නමුත් රාජපක්ෂ රෙජිමය යළි මෙරට දේශපාලන බලය අල්ලා ගැනීමත් සමඟ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වීම හා එම ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන්ට පටහැනි වීම හේතුවෙන් මේ අයුරින් සිය ආධාර ලබා දීම නතර කර තිබෙන බව එහි ප්‍රකාශක ජෙරි රයිස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා. 

සති තුනක් තිස්සේ ජාත්‍යන්තරයෙන් වරින් වර ශ්‍රී ලංකාවට අනතුරු හඟවමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අයුරින් කටයුුතු කරන ලෙස ජනාධිපති සිරිසේනට දන්වා තිබුණා. නමුත් එම දැනුම්දීම් ගණන් නොගැනීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කර නොගැනීම හේතුවෙන්  රටක් වශයෙන්  ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව නැවතත් විශාල ආර්ථීක අර්බුදයක පැටළිම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙමින් පවතින බවයි.46432649 1918023054972170 3978755487087722496 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න