කතානායක කරු ජයසූරිය විසින් අගවිනිසුරුවරයාට යවනු ලැබූ බව හැඟවෙන ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ඒ පදනම් කරගෙන විමල් වීරවංශගේ වෙබ් අඩවි පුවත් නිර්මාණය කර ඇති අතර එය හඳුන්වාදී ඇත්තේ "ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු නිසි ලෙස නොකරන්නේ යයි සදහන් කරමින් අගවිනිසුරු වෙත කතානායක කරු ජයසූරිය විසින් යවන බව සදහන් ලිපියක්" ලෙසය.
ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන පාර්ශවය කතානායකවරයාගේ චරිතය ඝාතනය කිරීමේ පහත් චේතනාවෙන් යුතුව මේ නින්දිත ක්‍රියාව සිදුකර ඇති බව මෙයින් පැහැදිළි වෙයි. එය වඩාත් තහවුරු කරන්නේ වෙනත් කිසිඳු මාධ්‍යයක නොමැතිව වීරවංශගේ මන්දමානසික වෙබ් අඩවි වල පමණක් මෙම ලිපිය පදනම් කරගෙන පුවත් මවා තිබීමය.
කෙසේ වුවත් මේ සම්බන්ධව කතානායක කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන්කර ඇත්තේ අදාළ ලිපිය මුළුමනින් සාවද්‍ය බවත් එවැනි කිසිඳු ලිපියක් කතානායකවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර නොමැති බවත් එහි අවධාරණය කර ඇත.
කතානායක කාර්යාලය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.


