කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක් : පරාජය නියතයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් අතුරු සම්මත ගිණුමක් : පරාජය නියතයි !

ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කුමන්ත්‍රණ  කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ විසින් බවද දැනගන්නට ඇත.

ඒ අනුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීම කුමන්ත්‍රණ ආණ්ඩුවේ  කැබිනට් මණ්ඩලයේ  තීරණය වී තිබේ.

මේ අතර වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්ද කුමන්ත්‍රණ  අගමැතිවරයා විසින් තම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරය නෑ : අතුරු සම්මත ගිණුම පරාජය වෙයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන අතුරු සම්මත ගිණුම නියත වශයෙන් පරාජය වනු ඇති බව දේශපාලන විචාරයක මතවී තිබේ.

එසේම මේ වන විටත් පසුගියදා සම්මත කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේද ඇතුළත් බැවින් අතුරු සම්මත ගිණුමක් පවා ඉදිරිපත් කිරීමට නෛතික ඉඩක් නොමැති බවත් දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව රැස්කර  එහි බහුතරය තහවුරු කරන පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදී නව ආණ්ඩුවක් පිහිටුවීම බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේ නොවුනහොත් 2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය වියදම් සම්බන්ධව බරපතල අර්බුදයක් මතුවෙන බවත් එහිදී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, ආයතන නඩත්තු කිරීම, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ගෙවීම ඇතුළු කටයුතු රැසක් අර්බුදයට යාම අනිවාර්යයක් බවද ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න