වැලිකඩ ඝාතනයේ ප්‍රධාන චූදිතයකුවූ රංගජීව නිදහස් !

වැලිකඩ ඝාතනයේ ප්‍රධාන චූදිතයකුවූ රංගජීව නිදහස් !

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ (21) සිට බලපැවැත්වෙන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බවයි.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නියෝමාල් රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.

රංගජීව මහතා අභියාචනාධිකරණයට ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේ, පසුගිය සැප්තැම්බර් මස 27 වනදායි.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පසුගිය 19 වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය පොලිස්පතිවරයා පරීක්ෂා කර මෙම පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න