ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට රාජපක්ෂ පාලන සමයේ වූ අපරාධ, තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීමට පැහැරගෙනගොස් අතුරුදහන් කරවීම ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ලබාදී ඇත්තේ සිරිසේනගේ බලපෑමෙන් බව සාක්ෂි සහිතව තහවුරුවී ඇත.
ඒ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත යවනු ලැබූ ලිපියක් හේතුවෙනි.
අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉවත් කිරීමට ජනාධිපති සිරිසේන නියෝග කළ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට මෙම ලිපිය යොමු කර ඇත.
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බන්ධ බවට 2018 නොවැම්බර් 13 වන දින පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී සිදු කරන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් 2018 නොවැම්බර් 16 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න විසින් දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම ලිපියේ ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව යමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් ඒ සම්බන්ධ වාර්තාවක් කැඳවීමට තමන් ක්‍රියා කළ බව එම ලිපියේ සඳහන්.
ඒ අනුව පසුගිය නොවැම්බර් 18 වැනිදා S/DIG/CID/IGP/3303/2018 දරණ ලිපිය මගින් නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් නිර්දේශ හා නිරීක්ෂණ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාට යොමු කර ඇත.
එම ලිපියෙන් දක්වා ඇති කරුණු 3ක් ගැනද පොලිස්පතිවරයා යවනු ලැබූ ලිපියේ සඳහන් කර තිබේ.
1. පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් වාර්තා වී නොමැත. වෙනත් නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට ද කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් අනාවරණය වී නොමැත.
2. මෙම නිළධාරියා උනන්දුවෙන් හා කැපවීමෙන් රාජකාරි සිදු කරන බව හා විමර්ශන බොහොමයකට අදාළ නඩු කටයුතු පවත්වාගෙන යමින් චූදිතයන්ට දඬුවම් ලබා දී ඇති නිළදාරියෙක් බව.
3. පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා LTTE සංවිධානයට සම්බ්ධ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විහිත ද්වේෂ සහගත චෝදනාවක් බවට පැහැදිලි වන අතර ඔහුට විරුද්ධව කිසිදු විමර්ශන හෝ බුද්ධි අංශයකින් මෙවැනි චෝදනාවන් ඉදිරිපත් වී නොමැති බව.
පොලිස්පතිවරයා මෙම කරුණු තුන සඳහන් කරමින් පවසා ඇත්තේ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන ජනාධිපතිගේ නියෝග හා උපදේශ යටතේ සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයට නිහාන්ත සිල්වා මහතා මාරු කර යැවීමට කටයුතු කළ බවයි.
2015 ජනවාරි 08 වනදා යහපාලනයේ නාමයෙන් මෙරට හැටදෙලක්ෂයකගේ කඳුළු මතින් බලයට පත් වූ සිරිසේන ජනපති දැන් මහින්ද රාජපක්ෂගේ මිනීමරු කල්ලියේ රෙදි අපුල්ලන රාජකාරිය සිදු කරමින් සිටින අතර ඒ වෙනුවෙන් රාජපක්ෂ සහෝදරයන්ගේ ලේ වැකුණු දෑත් පිරිසිදු කිරීමට රටේ අවංක පොලිස් නිළධාරින්ට මෙලෙස ත්‍රස්තවාදී ලේබලය අලවා ස්ථාන මාරු ලබා දීමේ මජර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තරම් පහත් තත්වයට දැන් සිරිසේන ජනාධිපති වැටී ඇති බව මේ හරහා පැහැදිළි වෙයි.
නමුත් ජාතික පොලිස් කොමිසමේ මැදිහත්වීම මත එම ස්ථාන මාරුව මේ වන විට තාවකාලිකව නවත්වා තිබේ.


