සිරිසේන ඔබේ අගමැතිගේ පරාජය පිළිගන්න : ඇමරිකානු සෙනට් සභික ලියා දන්වයි !

සිරිසේන ඔබේ අගමැතිගේ පරාජය පිළිගන්න : ඇමරිකානු සෙනට් සභික ලියා දන්වයි !

ජනාධිපති සිරිසේන පත්කළ අගමැති මහින්ද  විශ්වාසභංග 2 කින් පරාජයවීම පිළිගන්නා ලෙස දන්වමින් ඇමරිකානු සෙනට් සභිකයකු වන ක්‍රිස් වැන් හොලන් අවධාරණය කර ඇත.

ඒ ඊයේ (21) ජනාධිපති සිරිසේනට ලිපියක් යොමුකරමින්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවද  සඳහන් කර ඇති සෙනට් සභිකයා ව්‍යවස්ථාවට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසටද ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා ඇත.

2015 වසරෙන් පසු අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වූ බවත් ඒ අනුව පොරොන්දු වූ පරිදි සංහිඳියා වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ලෙසටද සෙනට් සභිකයා සිය ලිපිය තුල අවධාරණය කර ඇති අතර  කෙසේවෙතත් ගතවූ සති කිහිපය තුළ ජනාධිපතිවරයා ගත් තීන්දු හමුවේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් එල්ල වී ඇති බවත් සඳහන්කර තිබේ.

බලයේ සිටි අග්‍රාමාත්‍යවරයා බලයෙන් පහ කිරීම / පාර්ලිමේන්තුව කල් තැබීම / හදිසි මහ මැතිවරණයක් කැඳවීම සහ විශ්වාස භංග ප්‍රථීඵලය පිළිනොගැනීම වැනි කරුණු දෙරට අතර සබඳතාවලට බලපෑමක් වනු ඇති බවට අනතුරු හැඟවීමක් ද එම ලිපියේ සිදුකර ඇත.

පහත දැක්වෙන්නේ එම ලිපියයි.

Sri Lanka letter signed 1 791x1024

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න