සිරිසේන හොරෙක් : මහින්ද හොරබඩු වෙළෙන්දෙක් - වජිර අබේවර්ධන 

සිරිසේන හොරෙක් : මහින්ද හොරබඩු වෙළෙන්දෙක් - වජිර අබේවර්ධන 

සොරෙක් තමා විසින් සොරකම් කළ භාන්ඩ නැවත ආපසු භාරදුන්නත් සොරකම, සොරකමම බවත්, මෛත්‍රීපාල ජනපති විසින් මේ සොරකම් කොට ඇත්තේ, හැට දෙලක්‍ෂයකගේ ජනතා පරමාධිපත්‍යය, නොඑසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.

සොරෙක් සොරබඩු කිසියම් පුද්ගලයෙකුට භාරදේන්නේ නම් දැනුම් තේරුම් ඇති වැදගත් පුද්ගලයෙකු එවැනි දෙයක් භාර නොගන්නා බවත් එවැනි දේ භාරගන්නේ ස්ථාවර නොවන ව්‍යාපාරිකයන් බවත් මන්ත්‍රීවරයා පවසයි.

අද (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර මහින්ද රාජපක්ෂ අවුරුදු 46 ක දේශපාලන පළපුරුද්දක් ඇති, මෙවැනි දේශපාලන මංකොල්ල කෑම් පිළිබඳව 1993 දී දකුණු පළාත් සභා මැතිවරණයේදී තමා විසින්ම ලත් අත්දැකීම් ඇති අයෙක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

නීති විරෝධිව අගමැතිධූරය භාරදුන් අවස්ථාවේ එය භාරගැනීමට සදාචාරාත්මක අයිතියක් මහින්ද රාජපක්ෂට නැති බවත් එජාපයෙන් සොරකම් කළ අගමැතිධූරය තමාට හිතුමතේ වෙනෙකෙකුට පැවරීමට සිරිසේන ජනාධිපතිවරයාට කිසිසේත්ම නොහැකි බවත්  මන්ත්‍රීවරයා සඳහන්කර ඇත.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අබේවර්ධන මන්ත්‍රීවරයා,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රට පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව සතු බලය කිසිසේත්ම අත් නොහළ යුතුයි. එම බලය අන්සතු නොකළ යුතුයි. අර්බුදකාරී අවස්ථාවත් පැනනැගුනහොත් 37:2 යටතේ කතානායකවරයා හට බලතල පවරා තිබෙනවා. එතුමාට ඒ ගැන ප්‍රශ්නයක් පවතිනම් අග්‍රවිනිශ්චයකාරවරයා හට බලතල පවරා තිබෙනවා. එහෙම නැතුව මාධ්‍යයට හෝ ආගමික හා දේශපාලන නායකයන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය අවශ්‍ය කණ්ඩායම් ආණ්ඩු හැටියට පත්කර ගැනීමට කිසිම ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසි තැනක සදහන් වන්නේ නැහැ. නීති විශාරද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ ගැන අදහස් පළකොට තිබුණා. මම එතුමාගේ දැනුම ගැන කණගාටු වෙනවා. 37:2 වගන්තිය නැවත කියවන හැටියට එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කිරීම නිසා රට අරාජිකව අදට මාසයක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ප්‍රශ්නය දිහා බලන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් නොවෙයි. එතුමා මේ ප්‍රශ්නය සාමකාමීව විසඳාගැනීමට අවංකවම උත්සාහ කරනවා. මෙවැනි ආවේගශීලිව, කටයුතු කරන අවස්ථාවක අපේ ආගමට අනුව ආගමික නායකයන් ප්‍රකාශ කළ යුත්තේ නැවත මැතිවරණ පැවැත්වීම ගැන නොව රට කරවන ඊනියා නායකයන් ශ්‍රද්ධාව, බුද්ධිය, විනය, සදාචාරය, යුක්තිය නීතිය සාධාරණත්වය ඇති කරවන ආකාරයේ අනුශාසනා ලබාදීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න