ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා රටවැසියන් හා ඡන්දදායකයන් හැටියට හැටියට තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර සග දසිත් මන්තිල මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇත.
එම පැමිණිල්ලේ මෙසේ සඳහන්ව ඇත.
"2015 පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල මහතා ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියමින්.ඒඅනුව 19 සංශෝධනයෙන් විධායකයේ තටු කැපුණා. පොදු අපේක්ෂකයා ජනාධිපති කිරීමත් රනිල් අගමැති කිරීමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වුණා.ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළා.ඒ අනුව රනිල් අගමැති හැටියට පත්වුණා. මා ඇතුළු 62 ලක්ෂයක අභිලාෂය එහි තිබුණා. ඔක්.26 ජනපති හිටිඅඩියේ වෙනත් අයකු අගමැති හැටියට පත් කළා.නමුත් 19 ව්‍යවස්ථාව හැටියට ඔහුට එහෙම කරන්න බෑ.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍යයි.ඒ අප පත්කළ නියෝජිතයෝ.ඔවුන්ගෙන් නියෝජනය වන්නේ අපේ මතය.මෙහිදී ජනපතිවරයා ජනතා පරමාධිපති බලය නොසලකා හැර තිබෙනවා.අපගේ අයිතිවාසිකම් කඩකර තිබෙනවා.19 ට අනුව වසර 4 හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසරුවන්න බෑ. ඔහු ඒ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළා.ඒ අනුව ඔහු සිතාමතාම ව්‍යවස්ථාවේ රැකවරණය ලබන මා ඇතුළු රටවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා."
අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සම්බන්ධව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සමඟ සාකච්ඡාකර දැනුම්දෙන බව පැමිණිල්ල බාරගත් නිලධාරිනිය දැනුම්දුන් බවත් පැමිණිල්ලට අනුව වාචික සාක්ෂිකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ආචාර්ය නලින් අබේරත්න ඉදිරිපත්ව සිටින බවත් ඔවුන් සඳහන් කරයි.

