මෛත්‍රීපාල සිරිසේන එදා තමන්ම මරන්නට සිටියා යැයි කියා චෝදනා කළ මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නා නම් අද ඔහු කියන අන්දමට ඔහුව මරන්න සිටියා යැයි කියන මට අගමැතිකම නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමසයි.
ඊයේ (27) පාර්ලිමේන්තු සභා ගැබ සිනහා ගන්වමින් මන්ත්‍රීවරයා මේ විමසීම සිදුකල අතර එසේම ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට තමන් සම්බන්ධ බවට ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇති බවද සඳහන් කළ මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ එවැනි ප්‍රකාශයක් සිදුකිරීම තම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දුන්නේය.
මෙහිදී මන්ත්‍රීවරයා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට තමාව සම්බන්ධ කරමින් ගෙන යන ප්‍රචාරය ගැන වහාම පොලිස්පති කැඳවා පරීක්ෂණයක් කරන්නැයි නියෝග කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද සිදුකළේය.

