සිරිසේනගේ හයියෙන්  නීතියට වෙට්ටු දැමූ රවී :  අධිකරණයට භාරවෙයි

සිරිසේනගේ හයියෙන්  නීතියට වෙට්ටු දැමූ රවී :  අධිකරණයට භාරවෙයි

අරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීම සදහා පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විට අවස්ථා දෙකකදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත නියෝග නිකුත්කර තිබිණ. 

ඒ තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සදහා පැහැරගෙනගොස් අතුරුදහන් කිරීමේ නඩුවට අදාලවය. ඊට අදාලව රවීන්ද්‍ර විජේගුණරත්න ට එරෙහිව පැවති මූලික චෝදනාව වූයේ එම නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අයව නීතිය හමුවට ගෙන ඒම වලක්වා සැගවී සිටීමට ආධාර උපකාර කිරීමය. 

ඒ අනුව අද අධිකරණ කටයුතු ආරම්භයේ සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට ඉදිරිපත් වනු ඇති අතර එහිදී බොහෝ දුරට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්වනු ඇති බවත් දැනගන්නට තිබේ.

මෙම නඩුවට අදාල තවත් චෝදනා කිහිපයක්ද රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව එල්ලවී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට අවස්ථා කිහිපයකදීම දැනුම්දී  තිබුනත්, ඔහු ඒ නොතකා හැර කටයුතු කලේය.

අධිකරණයට උඩින් හිටපු රවී

තවද පසුගියදා මෙම නඩුවට අදාලව රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව සාක්ෂි ලබාදුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ට කොටුව නාවික හමුදා මෙස් හීදී තම සහචරයන්ද කැටුව පැමිණ ගිනි අවි සහිතව පහරදී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද රවීන්ද්‍ර විජේගුණරත්න චෝදනා ලබාසිටියි. ඒ සම්බන්ධව ලක්සිරි මහතා කොටුව පොලිසියේ පැමිණිල්ලක් ද  සිදුකර තිබේ. ඒ අනුව සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් විමර්ශනයක් කිරීමට කොටුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඒ වෙත ගියත් ඔහුට නාවික හමුදා පරිශ්‍රයට ඇතුල්වීමට ඉඩනොදුන් බවට රාජකාරි සටහනක් තබන්නට පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
චූදිත රවීට සිරිසේනගේ හයිය:

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටවූ වහාම සිරිසේන ජනාධිපති විසින් මේ සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එයින් ඉවත්කරලීම සදහා පොලිස්පතිවරයාට නියෝග නිකුත්කල අතර ඒ අනුව එම නිලධාරීයා මීගමුව පොලිසියට අනියුක්ත කෙරිණ. නමුත් ජාතික පොලිස් කොමිසම මැදිහත්ව එම ස්ථාන මාරුව අත්හිටුවීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න