යහපාලන දුෂණ අතර : සිරිසේන ජනාධිපති පෙරමුණේ ! 

යහපාලන දුෂණ අතර : සිරිසේන ජනාධිපති පෙරමුණේ ! 

ජනාධිපති සිරිසේන විසින් පත්කිරීමට නියමිත  යහපාලන ආණ්ඩුවේ කැබිනට් තීන්දු තීරණ සම්බන්ධව දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ කාර්යභාරය  එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ දුෂණ වංචා සම්බන්ධව සීමා නොවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

newstube.lk වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කල අතර ජනාධිපතිගේ චේතනාව පිරිසිදු නම් එම පාලන කාලය තුළ සැකසංකා පවතින සෑම කැබිනට් තීන්දුවක්ම ආවරණය වන ආකාරයට ජනාධිපති කොමිසම පත්කළ යුතු බවද සඳහන් කරයි.

ඒ සම්බන්ධව නිදර්ශනයක් ඉදිරිපත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කර සිටියේ මහවැලි ජල සුරක්ෂිත ආයෝජන සැළැස්ම ආශ්‍රීතව වාරි කර්මාණ්ත ක්ෂ්ත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා මිලියන 200 ක මුදලක් ඉල්ලා 2018/07/10 දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ආමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කල අතර 2018/07/25 දින කැබිනට් මණ්ඩලයෙන් ඒ සදහා අනුමැතිය ලබා දී තිබීමය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ රටේ ජනතාව තුන්වේල හරිහැටි කෑමට නොමැතිව දුක් විදිද්දී ජනතාවගේ මුදල් යොදා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම හාස්‍යජනක බවත් එම ප්‍රචාරණ කටයුතු  එවකට ආණ්ඩුවට හිතවත්  ප්‍රචාරණ  සමාගම් පෝෂණය කිරීමට  සදහා ගත්  තීරණයක් ලෙස තමන් දකින බවය. 

ඒ පසුබිමේ එක්සත් ජාතික පක්ෂයේ ටෙන්ඩර් මගඩි පිළිබදව  ප්‍රශ්ණ කරන ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරණ කටයුතු ලබා දෙනු ලැබුවේ  නිසි ටෙන්ඩර්පටිපාටියක් අනුගමනය කරමින්ද යන ප්‍රශ්නයද මේ මොහොතේ ඉදිරිපත් කල යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ ජනාධිපතිවරයා සම්බන්ධ එක් ප්‍රශ්නයක් පමණක් බවත් අවසාන වශයෙන් තමන්ට කියන්නට ඇත්තේ  කාගෙ කාගෙත් කීල්ලෝට වල හුණු ඇති බවත් මෙවැනි කරුණු හෙළි කිරීමට තමන්ට  පුද්ගලා කවුද? ඔහුගේ තරාතිරම කුමක්ද යන්න  වැදගත් නොවන බවයි.

මේ සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිය අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න