කතානායක කරූ - ජනපති හමුවේ : ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ තීරණයේත් වෙනසක් නෑ !

කතානායක කරූ - ජනපති හමුවේ : ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ තීරණයේත් වෙනසක් නෑ !

කතානායක කරූ ජයසූරිය සහ ජනාධිපති සිරිසේන අතර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (29) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම ජනාධිපති සහ පක්ෂනායකයන් අතර හමුවක් එම සාකච්ඡාවෙන් පසුව තිබෙන අතර ඉන් අනතුරුව ද්‍රවිඩ ජාතික සන්ධානය ජනාධිපති මුණගැසීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීම හමුවේ පාර්ලිමේන්තුව පැත්ත පළාතක නොගිහින් සිටින කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 කට ආසන්න ප්‍රමාණයක් දරන මතයේ කිසිඳු වෙනසක් සිදුව නැති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එහි ප්‍රකාශයකයකු සඳහන්කර සිටියේ  පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව අද (29) දින පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී නොවීමට තමන් තීරණය  කළ  නමුත් අද පස්වරුවේ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා කිහිපයෙන් පසුව කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න