පිල් මාරුවට සල්ලි විසිකළ අය ළඟදීම හිරේ : අල්ලස් කොමිසම විමර්ශන අරඹයි !

පිල් මාරුවට සල්ලි විසිකළ අය ළඟදීම හිරේ : අල්ලස් කොමිසම විමර්ශන අරඹයි !

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නොවැම්බර් 05 වැනිදා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ලට අදාලව සවිසතරාමක ප්‍රකාශයක් ලබාදීමට  ඊයේ (28) කටයුතු කර ඇත.

මෙම ප්‍රකාශය හරහා  ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කර ඇත්තේ  පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ දුරකතන සංවාද අනුව මෙම අල්ලස් දීමට තැත් කිරීම  අල්ලස් පනතේ 14වන වගන්තිය පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බවයි. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කියා සිටියේ අදාළ දුරකථන සංවාද අනුව ප්‍රධාන කරුණු 3ක් ඉස්මතු වන බවයි.

1- පක්ෂය මාරු කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට කතා කිරීම.2- එම මුදල අමෙරිකානු ඩොලර් මුදල් ඒකකවලින් ගෙවීමට යෝජනා කිරීම.3- අදාළ ගනුදෙනුව ආණමඩුව ප්‍රදේශයටම පැමිණ සිදු කිරීමට ඇති කැමැත්ත.

අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සම්බන්ධයෙන් අල්ලස් වරදකදි වසර 7ක සිර දඬුවමකට යටත් කළ හැකියි. 

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිළධාරින් පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ හැකියාව ද පවතින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න