දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් හරහා එක්සත් ජාතික පෙරමුණට රජයක් පිහිටුවීම සඳහා සහය ලබාදෙන බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම ලිපිය එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 117කගේ සහය ඇති නිසා ජනපතිගේ මතය අනුව එක්සත් ජාතික පෙරමුණේ විශ්වාසය ඇති
ඒ අනුව පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණ තවත් ශක්තිමත්ව ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට යනෙනමං නැතුව තිබේ. එසේම තවදුරටත් මේ නින්දිත දේශපාලන කුමන්ත්‍රණය දියත්කළ ජනාධිපති සිරිසේනටද තවදුරටත් තම බල කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමට අවස්ථාව අහිමිවේ.
TNA විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.



