විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවී තිබීම හමුවේ සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා අස්වන ලෙස දැඩිව අවධාරණයකර තිබියදීත් මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිධුරයේ බලහත්කාරයෙන් රැදී සිටින හේතුව ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම වලක්වා ගැනීම බව පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ආරාධනා කළ සැනින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශවය ආණ්ඩුවක් පිහිටුවීමට මැදිහත්වූ ආසන්නතම සිදුවීමද එයම බවත් එම ආරංචිමාර්ග සඳහන් කරන අතර නැතිනම් කිසිසේත්ම මහින්ද රාජපක්ෂ මේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට හවුල් නොවන බව ස්ථිර යයිද වැඩිදුරටත් සඳහන්කර සිටියි.
මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තාජුඩීන් ඝාතන නඩුව විභාගවෙමින් පවතින අතර එම ඝාතනය සිදුවීමට අදාළ සැකසහිත ඩිෆෙන්ඩර් රථයේ භාරකාරීත්වය ශිරන්ති රාජපක්ෂ සතුවීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත්කර තිබූ විමර්ශනයේ එම රථය සම්බන්ධව වැඩිදුර විමර්ශනද මේ වන විට සිදුවෙමින් පවතී.
මේ කරුණ පිළිබඳ newstube.lk මීට පෙරද වාර්තා කළ අතර පහත සබැඳිය හරහා එම පුවත කියවාගත හැකිය.
බහුතරය නැතිනම් වහාම ඉල්ලා අස්වෙන්න : නැතිනම් වෙනදේ බලාගන්න - ශ්‍රීලනිප මන්ත්‍රී 15ක්
එසේම මේ බව අද (29) වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ නඩු විභාගය අවස්ථාවේද අනාවරණය විය.
ඒ වසීම් තාජුදීන් ඝාතනය වූ අවස්ථාවේ ඔහු පසුපස හඹාගිය වාහනයක් සහ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ සඳහන් කිරීම තුළය. එමෙන්ම වසීම් තාජුදීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් ගත් පුද්ගලයින් සහ වාහන පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තොරතුරු ලබාගැනීම සඳහා නාසා ආයතනයේන් කරුණු විමසීමක් සිදු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ අද කරුණු දක්වා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය. මෙහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නඩුව මිනීමැරුම් සිද්ධියක් බවය.
එසේම පරීක්ෂණ නොපමාව සිදුකරන ලෙසත් එහි ප්‍රගතිය පෙබරවාරි මස 28 වනදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් එහිදී නියෝග නිකුත්කර තිබේ.

