කරූ -සිරිසේන හමුවේ කොළ එළි දැල්වෙයි - මහින්ද හාන්සියි : විජේදාසටත් ලකුණු !

කරූ -සිරිසේන හමුවේ කොළ එළි දැල්වෙයි - මහින්ද හාන්සියි : විජේදාසටත් ලකුණු !

කතානායක කරූ ජයසූරිය සහ සිරිසේන ජනාධිපති අතර  අද (29) සන්ද්‍යාවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව සම්බන්ධව සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී කඩිනමින් අර්බුදය විසඳා රටේ මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අවධානම පහකර හැරීමට සිරිසේන ජනාධිපති එකඟවූ බවද එම ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම සාකච්ඡාව ඇතුළුව අද පැවැත්වීමට නියමිතව තිබූ "TNA -සිරිසේන", "එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් - සිරිසේන" සාකච්ඡා සඳහා සම්පුර්ණ සම්බන්ධීකරණ කටයුතු සිදුකර සිටියේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා බවය.

කතානායකගෙන් නිවේදනයක් !

මේ අතර කතානායක කාර්යාලයද මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි සඳහන් වන්නේ රට සෑම අංශයකින්ම අස්ථාවරව ඇති බැවින් ඊට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව කතානායකවරයා විසින් ජනාධිපතිගේ අවධානයට යොමුකරවූ බවය. එහිදී හෙට (30) පස්වරුවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හමුවී ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසු බවද එම නිවේදනයේ සඳහන්ය. 

කතානායක කාර්යාලය විසින් ඒ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

47288733 346230229290829 9029357785590005760 n

TNA , එජාපෙ - ජනපති සාකච්ඡා හෙට : සිහිනයක් දැකගන්න සිරිසේන පොළොන්නරුවේ !

මේ අතර අද (29) ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ ජනාධිපති සිරිසේන සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් ජනාධිපති පොළොන්නරුවට යාමට තිබූ බැවින් එම සාකච්ඡා හෙට (30) දිනයට කල්තබා ඇති බව දැනගන්නට ඇත. වාර්තා වන ආකාරයට ජනාධිපති පොළොන්නරුවේ ගොස් තිබෙන්නේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, එහි වාන් දොරටු හෙට(30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව නිසාය.

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත වනු දැකීම ජනාධිපතිගේ සිහිනයක් වූ බවත් ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න