රාජපක්ෂ ගෝලයන්ට පොදු සමාවක් : සම්පත් විදානපතිරණට මුල් තැන !

 රාජපක්ෂ ගෝලයන්ට පොදු සමාවක් : සම්පත් විදානපතිරණට මුල් තැන !

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ අපරාධ වලට වැරදිකරුවන්වී දඬුවම් ලබා සිටින්නන් නිදහස් කර ගැනීම සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ උත්සාහ දරන බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව  තිබෙන නීතිමය අවස්ථා සොයාබලන ලෙස ලංකා ඉතිහාසයේ සිටි අපකීර්තිමත් අගවිනිසුරුවරයා වන සරත් එන්. සිල්වා ඇතුළු පිරිසකට උපදෙස් නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත.

එසේම අද (29) පෙරවරු 9.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි  මහින්ද  මහතා 2011 වර්ෂයේ දී තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කූරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කල වරදට සිරගත කර සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණගේ දුකසැප බැලීමට ගිය  බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහිදී මහින්ද මහතා වැලිකඩ බන්ධනාගාරයේ PH වාට්ටුවට ගොස් සම්පත් විදානපතිරණ සමග විනාඩි 20කට වැඩි කාලයක් කතාබහ කරමින් සිටිබවත් ඊට පෙර  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ දුක සැප විමසා බැලීමට ගිය බවත් එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න