''ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමනු..!!'' යන මතය මූලික කරගෙන 'දිදුලන හදවත' සංවිදානය විසින් නිර්මාණාත්මක සාමකාමී නිහඬ විරෝධතාවක් ඊයේ (29) දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුණු අතර ඊට පොලිසිය බාධා කල බව වාර්තා වෙයි.
එහිදී පොලිස් නිලධාරීන් සහ දිදුලන හදවත සාමාජිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ විරෝධය දැක්වීමේ නිදහස ඇති බව තමන් දන්නා නමුත් ඊට ඉඩනොදෙන ලෙස බලධාරීන් තමන්ට නියෝග කර ඇති බවය.
මෙයින් පෙනී යන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිවීම නිසා පමණක් නොව දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව නැගී ඇති ජනතා විරෝධය හමුවේද වියරු වැටී ඉතාමත් නින්දිත ආකාරයට ඒ මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවය.
නුගේගොඩ, රාජගිරිය, බොරැල්ල යන නගර මංසන්දි වල සහ කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.






