එජාප සන්ධානයේ ව්‍යාවස්ථාව එයි !

එජාප සන්ධානයේ ව්‍යාවස්ථාව එයි !

මහින්ද - මෛත්‍රී පාර්ශ්වයට එරෙහිව ඉදිරි මහමැතිවරණයකදී එජාපයේ මූලිකත්වයෙන් බිහිකිරීමට නියමිත සන්ධානයේ ව්‍යාවස්ථාව, මේ වනවිට කෙටුම්පත් කර අවසන් වී ඇතැයි වාර්තා වේ.
 
මෙම සන්ධානය, අලුත් නමකින් සහ අලුත් ලකුණකින් ලියාපදිංචි කිරීමට යෝජනා කරන බව එජාප මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය. එම සන්ධානය පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන අතර ඊට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ප්‍රගතශීලී පෙරමුණ, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය, කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂයෙන් වෙන් වූ කණ්ඩායම් මෙන් ම ශ්‍රීලනිප යේ නියෝජනයක් ද එහි තිබෙන බව දැනගන්නට ඇත.
 
ශ්‍රීලනීපය, කාලයක සිට වෙනත් ලකුණකින් සන්ධාන හරහා මැතිවරණවලට ඉදිරිපත් වුවද, එජාපය දිගින් දිගටම මහාමැතිවරණවලට ඉදිරිපත් වූයේ ඔවුන්ගේ පක්ෂ ලංඡනය යටතේ පමණි. එහෙත් මෙවර පළමු වතාවට ඉදිරි මහමැතිවරණයේදී එජාපය ද වෙනත් ලකුණක් යටතේ ඉදිරිපත් වීමට නියමිතය.
 
මෙම නව පුළුල් සන්ධානයේ ව්‍යාවස්ථාවට එක් එක් පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා වන වගන්ති ඇතුලත් වුවද පත්වන මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් සන්ධානයේ සාමාජිකත්වය ද අහිමි වන පරිදිද වගන්ති ඇතුළත් කර ඇතැයි දැනගන්නට තිබේ.
 
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න