ජාතිවාදී කෝලාහලයකට කුමන්ත්‍රණ ආණ්ඩුව සූදානම් : කරුණා පළමු පියවර තබයි 

ජාතිවාදී කෝලාහලයකට කුමන්ත්‍රණ ආණ්ඩුව සූදානම් : කරුණා පළමු පියවර තබයි 

මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකය අසල පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම විනයාගමුර්ති මුරලිදරන් ( කරුණා අම්මාන් ) මෙහෙයවීම යටතේ සිදුකරවනු ලැබූවක් බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන දැඩි ජනතා විරෝධය වෙනතක යැවීම සඳහා ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ පහත් උත්සාහයක්ද මේ පසුපස තිබෙන බව දැනගන්නට ඇත.

එසේම පසුගිය සමයේ කරුණා අම්මාන් "තමන් නැගෙනහිර කරුණා බව සිහිතබා ගන්නා ලෙස" නිකුත් කර තිබූ ට්වීටර් සටහනක් සම්බන්ධවද ආරක්ෂක අංශ වල අවධානය යොමුව පවතී.

47152449 577314032697441 1888041724668805120 n

එසේම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතන සම්බන්ධ විමර්ශන අරඹා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදීද අදහස් දැක්වුණු අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

කරුණා වැඩ පටන් අරගෙන - නලින් බණ්ඩාර 

මෙම වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබු අතර මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ (29) පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා  මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.                                                           

ඊයේ මඩකලපුවෙදි සිදුවීමක් වෙලා තිබෙනවා. පොලිසියේ දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තියලා ඝාතනය කරලා තිබෙනවා. ඊයේ පෙරේදාත් විනයගමූර්ති මුලදිරන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරලා තිබ්බා ‘මම මඩකලපුවේ කරුණා අම්මාන් බව මතක තියා ගන්න.‘ කියලා. මේ සිද්ධි අතර සම්බන්ධයක් තිබ්බෙනවද කියලා සොයා බැලිය යුතුයි. සංහිඳියාව නැති කරන්න කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.  ආවා කල්ලි රතිඥයක් පත්තු කරද්දිත් වීරවංශලා රට ගිනි තියන්න හැදුවා කොටි  සංවිධානය නැගිටලා කියලා. දැන් වීරවංශලා, ගම්මන්පිලලා කතා කරන්නේ නෑ. දැන් පොලිස්පතිතුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වෙලා රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය නැති කරන්න. මහවිරු සමරු තිස් ගණනක් තිබ්බා. අපි ඉන්න කාලේ තිබ්බා නම් වීරවංශලා, ගම්මන්පිලලා රට ගිනි තියනවා කොටි නැගිටලා කියලා. නමුත් අපි එහෙම ගිනි තිබ්බේ නෑ.  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙස කටයුතු කරන කරුණා අම්මාන් කලින් වගේ වැඩ කරන්න පටන් ගන්නවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා මේ තර්ජනයත් එක්ක.  

කරුණා ඔක්තෝබර් 26 සිට නැගිටලා : ඊපීඩීපී අයත් උතුරේ පහරදීම් ආරම්භ කරලා - සුමන්තිරන්  

එහිදී අදහස් දැක්වූ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා,

ඔක්තෝබර් 26න් පස්සේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපිත් කතා කරන්න අවශ්‍යයි. කරුණා අම්මන් නිදාගෙන ඉඳන් දැන් ආයේ කතා කරන්න පටං අරගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනකු මිය ගිහින් තිබෙනවා. අපිට ඇත්තටම බරපතල සැකයක් තිබෙනවා එක්වරම නව ජීවයක් ඇතිවූ පුද්ගලයන් ගැන. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඔක්තෝබර් 26න් පස්සේ. ඊපීඩීපී කණ්ඩායමත් දැන් පුණර්ජීවය වෙලා තියෙනවා. යාපනයේ යම් පහරදීමක් වෙලා තිබෙනවා. ඇමැති කෙනෙක් කියා ගන්නා කෙනෙක් දැන් කියනවා මම ආයෙත් ඇවිත් ඉන්නේ කියලා. එය දෙමළ චිත්‍රපටයක කියමනක්. එය ජනතාව බියවැද්දවීමට ගන්නා කියමනක්. මේ සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් කතානායක කරු ජයසුරිය සඳහන් කර සිටයේ තමා  ජනාධිපතිවරයා දැනුම්වත් කරන බවත් පැහැදිලි කිරීමක් කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාටද දැනුම්දෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න