ඇමති මණ්ඩලයේ වියදම් කපයි : නියෝග කැඩුවොත් අමාත්‍යංශ ලේකම්වරුන් අමාරුවේ !

ඇමති මණ්ඩලයේ වියදම් කපයි : නියෝග කැඩුවොත් අමාත්‍යංශ ලේකම්වරුන් අමාරුවේ !

ජන රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 122 කින් අද (30)  පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  විසින් එම යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර එය ස්ථිර කරනු ලැබුවේය.  

කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්  අද(30) දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් 05 වැනි දා තෙක් කල් තබන බවට කතානායකවරයා දැනුම්දෙනු ලැබිණ.

ජන රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීම නවතාලීම වෙනුවෙන් ඉදිරිපත්වූ යෝජනාව පහත දැක්වේ.

47167371 1013504888836210 8557765999917531136 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න