ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වත්මන් ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නොමැති බලතල ආරූඨකරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (30) මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.
පාර්ලිමේන්තුවේ බහුතරය අවස්ථා ගණනාවකදී අපි පෙන්වලා තිබෙනවා. මේක ජනාධිපතිතුමාට පේන්නෙ නැති නිසාදෝ එක එක කතා කිව්වා. හඩින් බෑ කිව්වම ඉලෙට්‍රොනික් විදියට අරගෙන පෙන්නුවා. ස්ථාවර නියෝග අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ වැය ශීර්ෂය කපාහරින යෝජනාවක් ඉදිරිපත් කළා. මේකට කලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා සම්මතවූ බවත් ඇතුළත් කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට මුදල් භාවිතා කළ නොහැකි බවට යෝජනාවක් ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව, න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසුවයි. ඒ අනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී ඡන්ද 123ක් ලබාගත්තා. තව ටිකක් ගියා නම් මේක 125 දක්වා වැඩි වෙන්නත් තිබුණා.
දැන් ඉතිං ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට පයින් ගහලා කටයුතු කරන්න බෑ. ව්‍යවස්ථාවට ගරු කරන ජනාධිපතිවරයෙක් නම් අද අදම තීන්දුවක් ගන්න ඕන. අද තීන්දුවක් ගන්නේ නැතිනම් ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනීවි. ජනාධිපතිවරයාට රටේ ප්‍රධාන නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් රටේ සාමාන්‍ය ජනතාවට නීතියට යටත් කරන්නේ කොහොමද? නීති විරෝධී වැඩ කටයුතු සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒක තමයි ඇත්ත.
වසන්න සේනානායක මන්ත්‍රීතුමා අගමැතිවරයාගේ මුදල් කපාහැරීම සදහා වන යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා. කලින් ඡන්ද විමසීම සිදුකළ දිනයේදී පුද්ගලික හේතුවක් නිසා චතුර සේනාරත්න මන්ත්‍රීවරයා නොපැමිණීම නිසා තමයි 121ක් බවට පත්ව තිබුණේ. අද ඒක 123 දක්වා ඉහළ ගියා.
අපි මැතිවරණයකට යන්න ඕනෑම වේලාවක සූදානම්. හැබැයි ඒ මැතිවරණය නීත්‍යානුකූල මැතිවරණයක් වෙන්න ඕන. පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරකට කලින් විසුරවාහැරලා මැතිවරණයකට යන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තියෙන්න ඕන. තුනෙන් දෙකක අනුමැතියක් ගන්න ඕන. එහෙම නැතිව මැතිවරණයකට යන්න බෑ. පාර්ලිමේන්තුව විසුරවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරලා තිබෙනවා.
ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරකට කලින් පාර්ලිමේන්තුව විසුරවාහැරීමට බලයක් නෑ. අවුරුදු හතරහමාරකට කලින් ඡන්දයකට යන්න ඕන නම් නියමාකාරයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා මැතිවරණයකට යමු. නැතිනම් අවුරුදු හතරහමාරකට පස්සේ මැතිවරණයකට යමු. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්.
දැන් නීති විරෝධී ආණ්ඩුවක් තියෙන්නේ. මේ නීති විරෝධී ආණ්ඩුවෙන් ගන්නා තීන්දු තීරණ නීත්‍යනුකූල නෑ. ඒවාට විරුද්ධව අපි කටයුතු කරනවා. දැන් ජනාධිපතිවරයා සාකච්ඡාවලට එන්න කියලා තියෙනවා. මෙහෙම එන්න කියලා ජනාධිපතිවරයා එක්ක ඉන්න අයටත් ඇමැතිකමක් දෙකක් ගන්නයි හදන්නේ. ඒවාට අපි ඉඩ දෙන්නේ නෑ. අපි දැන් බහුතරය පෙන්නලා තියෙනවා. ඒ බහුතරය අනුව කටුයතු කරන එක තමයි දැන් කළ යුතු වන්නේ.
ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් තමන්ට ඇති බලතල පාවිච්චි නොකළ ආකාරයට තමයි මේ ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරන්නේ. ඉතාමත් අශිලාචාර ලෙස විධායක බලතල භාවිතා කළ ජනාධිපතිවරයා ලෙස මෙම ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වෙනවා. ඔහුට ගෑනියෙක් පිරිමියෙක් කරන්න පුලුවන් නම් ඒකත් කරාවි. මේ ජනාධිපතිවරයා බලයට එන්න කලින් කිව්වේ විධායක බලතල අහෝසි කරනවා කියලයි. 19 වැනි සංශෝධනයෙන් පසුවත් ජනාධිපතිවරයාට සැලකිය යුතු විධායක බලයක් තිබෙනවා. හැබැයි ව්‍යවස්ථාවේ නැති බලයක් ආරූඪ කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒක වැරදියි.
මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාය කියලා හැගිලා ඔහු අගමැතිවරයා ලෙස පත් කරන්න ඇති. හැබැයි ඒ හැගිම් දැනීම් හරිද කියලා දැන් පේනවානේ.
මන්ත්‍රීවරු 122ක් අත්සන් කරලා ජනාධිපතිවරයාගේ හැගීම වැරදියි කියලා පේනවානේ. ඊට පස්සේ ඉලෙට්‍රොනික් ඡන්ද ක්‍රමයකිනුත් බහුතරය තියෙන්නේ කාටද කියලා පෙන්නලා තියෙනවානේ. එහෙම කරලා තිබියදීත් බහුතරය කාටද කියලා තේරුම් ගන්න බැරි හැගීම් දැනීම් නැති අයෙක්ට විතරයි.

