ශ්‍රීලනිප පිරිසක් ඉවත්වීමේ ඉඩක් !

ශ්‍රීලනිප පිරිසක් ඉවත්වීමේ ඉඩක් !

තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම නීතිවිරෝධී හා බලහත්කාරී ලෙස ආණ්ඩුවක් වශයෙන් කටයුතු කළහොත් හා එම නීති විරෝධී කටයුත්ත සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගය ලැබෙන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බහුතරය හිමි එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින් කටයුතු කිරීමේ තීරණයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

 පාර්ලිමේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම තනතුරුවලින් ඉවත් විය යුතු බව ඔවුන් විසින් නොවැම්බර් 28 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා හමුවී පෙන්වාදී ඇත. ඊට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමු වී ඔවුන් පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවුණහොත් මහින්ද රාජපක්ෂට බහුතර බලයක් නොමැති බව පිළිගෙන නව අගමැතිවරයකු පත් කළ යුතු බවයි.

දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමක්  මෙසේ ජනාධිපතිවරයා සහ නීතිවිරෝධී අගමැතිවරයා හමුවේ අදහස් පලකර ඇත. කෙසේ වෙතත් එම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නොගන්නා බව වාර්තා වන අතර එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කරන පෙරමුණට අයත් පක්ෂයක සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

තවද එක්සත් ජාතික පක්ෂය යටතේ සන්ධානගත වී සිටින පක්ෂ නියෝජ්‍ය නියෝජනය කරන නව සන්ධානයක් පිහිටුවීම සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කරමින් සිටියි. එම  සන්ධානයට ශ්‍රීලනිපයෙන් ඉවත් වීමට නියමිත මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නොවන රාජිත සේනාරත්න හා අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායම ජාතික හෙළ උරුමය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කීපයක් එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග පවසයි සන්ධානය අලියා ලකුණ යටතේ එජාපයෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් නොවී නව පක්ෂ නාමයෙන් හා නව සලකුණුක් යටතේ තරඟ කළ යුතු බව ද යෝජනා වී තිබේ.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න