අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තමන් කිසිසේත් බලාපොරොත්තු නොවුවක් බවත් විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කිරීම විය නොහැක්කක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිළ පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (03) අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කුඨ ලේඛන මත පදනම්ව බව තම පාර්ශවය අභියාචනාධිකරණය වෙත පැහැදිළිව දැක්වූ නමුත් අධිකරණය එය නොසළකා ඇති බවද ඔහු පවසයි.
එබැවින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඉදිරි අවස්ථා වලදී ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ලබන බවද ඔහු පවසයි.
ගම්මන්පිළට ඕන විදිහට අධිකරණ තීන්දු ලැබෙන්නේ නෑ !
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිළ අධිකරණ තීන්දුව විකෘති කිරීමේ නින්දිත උත්සාහයක නිරත වන බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කරයි.
පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති කුමන්ත්‍රණ ආණ්ඩුව ව්‍යවස්ථාව මුළුමනින් උල්ලංඝනය කර ඇති බව මෙම තීන්දුව හමුවේ ඔප්පුවී ඇති බවත් අධිකරණයක් තීන්දු ගන්නේ එක් එක් දේශපාලන පක්ෂ වල අවශ්‍යතාව අනුව නොව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව බවද ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් තවදුරටත් රට අස්ථාවර නොකර පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදී ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු යෙදිය යුතු බව ඔවුන්ගේ අවධාරණය වී තිබේ.

