කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද (03) දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බවත් තමන් කිසිසේත් ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බවත් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේනට දන්වා ඇතැයි වාර්තා වෙයි.
අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් අනතුරුවජනාධිපති ලේකම්කාර්යාලයට ගොස් ඇති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇති බව වාර්තා වන අතර එහිදී ජනාධිපතිවරයා කිසිවක් නොපවසා නිහඬව සිටි බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
මේ වන විට ඊට අදාළව විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර ඇත.
එම නිවේදනයේ මෙසේ සඳහන්ව ඇත.
"කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.
එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු."
මහින්ද රාජපක්ෂ නිකුත්කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

