අභියාචනාධිකරණ තීන්දුව හමුවේ ජනාධිපතිවරයා තවදුරටත් ඔහුගේ ව්‍යවස්ථා විරෝධී විකෘති සහගත සිතුවිලි අනුව ක්‍රියා කරනවාද නැතිනම් යතාර්තයට මුහුණදී ක්‍රියා කරනවාද යන්න සම්බන්ධව තීන්දුවක් ගැනීමට සිදුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කර සිටියේ අද (03) පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
දැන් ප්‍රශ්නය විසඳීමට ඇති එකම විසඳුම පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම බවද ඔහු අවධාරණය කර සිටියි.

