පාර්ලිමේන්තුව විසුරවීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී බව පවසන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම හෙට (04) දිනට නියමිතව ඇති අතර ඊට ආගමික පදනමින් බලපෑම් කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් දියත්කර තිබෙන නින්දිත ප්‍රචාරක මෙහෙයුමක් සම්බන්ධ තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ නින්දිත ප්‍රචාරක මෙහෙයුමේ ඉලක්කය වී තිබෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු අදාළ පෙත්සම විභාග කරන බෞද්ධ නොවන විනිසුරුවරුන් පිරිසය.
ඒ අනුව සූදානම් කර ඇති මඩ ප්‍රචාරය වන්නේ හෙට (04) සිට (07) දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන්නේ ජනාධිපති සිරිසේනගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න නොව එතැන තිබෙන්නේ පල්ලිය සහ පන්සල අතර සටනක් බවය. එහිදී ඔවුන් ප්‍රචාරය කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිගේ ගැසට් පත්‍රය පරාජය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් පල්ලිය මැදිහත්ව ඇති බවට ප්‍රචාරයක් දියත්කර විනිසුරුවරුන් අපහසුතාවට පත්කිරීමය. එසේම අදාළ පෙත්සම් විභාගය සඳහා පල්ලියේ බලපෑමක් නොමැති නම් ඒ බව ඔප්පු වීමට ජනාධිපති සිරිසේනගේ ගැසට් පත්‍රය ව්‍යවස්ථානුකූල බවට තීන්දුව ලැබිය යුතුය යන්නද ඔවුන්ගේ ප්‍රචාරයට ඇතුළත්ව ඇත.
එසේම අදාළ තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස ලැබෙනු ඇති බවටද ඔවුන් ප්‍රචාරය කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.
මේ ආකාරයට ශිෂ්ට සමාජය කිසිසේත් අනුමත නොකරන නින්දිත ප්‍රචාරයක් දියත් කිරීමට තරම් පහත්ම තැනකට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් පත්ව සිටින්නේ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ ජනාධිපති සිරිසේනට අවාසිදායක තත්ත්වයක් මතුවනු ඇති බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පමණක් නොව නීතිපතිවරයා පවා ජනාධිපතිව දැනුවත් කිරීම නිසාය.
ජනාධිපතිගේ සිතැගියාව මත අගමැති ඉවත්කිරීමට හෝ පත්කිරීමට නොහැකි බව පමණක් නොව වසර 4 1/2 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරවීමටද ජනාධිපතිට බලයක් නොමැති බවත් ඒ බව පැහැදිළිව ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බැවින් බටහිරින් හෙට හිරු උදාවෙනවා බඳු තීන්දුවක් ලබා ගැනීමට කටයුතු කිරීම හැර වෙනස් කිසිඳු ප්‍රතිපාදනයක් නොමැති බවද එහිදී ඔවුන් ජනාධිපති සිරිසේනව දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

