එක්සත් ජාතික පෙරමුණ සමග සාකච්ඡාව අසාර්ථකයි : සිරිසේන ඒකාධිපති පාලනයකට සුදානම් !

එක්සත් ජාතික පෙරමුණ සමග සාකච්ඡාව අසාර්ථකයි : සිරිසේන ඒකාධිපති පාලනයකට සුදානම් !

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කර ලබාදුන්නත්  එක්සත් ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බව ජනාධිපති සිරිසේන පවසා ඇත.

ජනාධිපති සිරිසේන මෙසේ පවසා ඇත්තේ  එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (03)  පැවති සාකච්ඡාවේදීය.

එහිදී  එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් පෙන්වාදී ඇත්තේ දිගින් දිගටම රට අස්ථාවර නොකර මේ ප්‍රශ්නය විසඳාගන්නට ජනාධිපතිවරයා සහය විය යුතු බවය. එසේම අද දිනයේ ලැබුණු අභියාචනාධිකරණ තීන්දුව පමණක් නොව මේ වන විට ආණ්ඩු වෙනස ව්‍යවස්ථා විරෝධී බවට ලෝකයම පිළිගෙන ඇති බවත් ඔවුන් සිරිසේන ජනාධිපතිට පෙන්වාදී ඇත.

සියල්ලට වඩා සමස්ත රටම මේ වන විට ඇණහිට ඇති බවත්  විශේෂයෙන් රට විශාල ආර්ථික අවධානමක් හමුවේ ඇති අතර එය රටේ ජනතාවට දිගුකාලීනව දැඩි පීඩනයක් ගෙන දෙනු ඇති බවද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ  නායකයින් සිරිසේන ජනාධිපතිට පෙන්වාදී ඇත. ඒ අනුව ඔවුන් යෝජනා කර ඇත්තේ   කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් ජනාධිපති පියවරක් පසුපසට ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

එහෙත් ඒ කිසිවක් නොතකා ඇති සිරිසේන ජනාධිපති තරයේ කියා ඇත්තේ මෙය තමාටද පෞද්ගලික ප්‍රශ්නයක් ඇති බැවින් රටට සිදුවන දේ වෙනම බේරාගත හැකි අවය. ඒ නිසා කොහ්හෙත්ම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබානොදෙන බවත් ඔහු තමන්ව ඝාතනය කරන්නටකුමන්ත්‍රණය කළ බව නාමල් කුමාර ද දිව්රමින් කියන බවය.'

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ ජනාධිපති සිරිසේන අතර සාකච්ඡාව කිසිඳු තීරණයක් නොමැතිව අසාර්ථකව අවසන්වී ඇත.

ඒ අනුව පෙනී යන්නේ සිරිසේන ජනාධිපති බල තණ්හාවෙන් වියරු වැටී සමස්ථ රටම අවධානමේ හෙළා ඒකාධිපති පාලනයක් වෙනුවෙන් වන නින්දිත උත්සාහයක නිරතව සිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න