සිරිසේනට එරෙහි පෙත්සම් විභාගය අද සිට තෙදිනක් !

සිරිසේනට එරෙහි පෙත්සම් විභාගය අද සිට තෙදිනක් !

ජනාධිපති සිරිසේන  විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අද(04) දිනයේ සිට දින තුනක් අඛණ්ඩව විභාග කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාල පෙත්සම් දෙසැම්බර් 4,5,6 යන තෙදින විභාග කෙරෙන අතර දෙසැම්බර් 7 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත්කරනු ඇත.

 අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් විභාග කිරීමට නියමිතයි.    

පසුගිය නොවැම්බර් 14 වනදා  ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කල අතර ඒ දෙසැම්බර් 07 දක්වා බලපැවැත්වෙන පරිදිය. එසේම එදින ජනාධිපති සිරිසේනගේ ගැසට් පත්‍රයට අනුව කටයුතු කිරීම වාරණය කරමින් මැතිවරණ කොමිසමටද නියෝගයක් නිකුත් කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න