ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම B+ සිට B දක්වා පහළ දැමූ බව ෆිච් රේටින්ග් ආයතනය සදහන් කරයි.
මේ සඳහා ප්‍රධානතම හේතුව වශයෙන් ඔවුන් පවසා ඇතතේ ඔක්තෝබර් මස 26 දා සිරිසේන ජනාධිපති විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරිම හරහා ඇතුවූ දේශපාලන අර්බුදයයි.
විදේශීය මූල්‍යකරණ ඉහළ අවධානම, ප්‍රතිපත්ති වල පවතින අස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිපතියේ ඇතිවිය හැකි අහිතකරතා මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මීට පෙර මූඩිස් ආයතනයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට කටයුතු කළේය.
ෆිච් රේටින්ග් ආයතනය නිකුත්කල නිවේදනය පහත දැක්වේ.



