සිරිසේනගේ ඉසුර හෙට පරදියි : බස්නාහිර පළාතේ ආණ්ඩු පෙරළියක් !

සිරිසේනගේ ඉසුර හෙට පරදියි : බස්නාහිර පළාතේ ආණ්ඩු පෙරළියක් !

බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සදහා වන අයවැය  හෙට (05) දිනයේදී පරාජය වීමට නියමිත බව වාර්තා වෙයි.

උපාලි කොඩිකාර මහතා විසින් බස්නාහිර පළාත් සභාව තුල ගෙන ගිය රහසිගත මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන්  මෙම බලපෙරළිය සිදුවීමට නියමිත බව වාර්තා වන අතර බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද (04) විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ තත්ත්වය තවත් අවධානම් සහගත වන බවද වාර්තා වෙයි.

වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමා තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

හෙට දිනයේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටින බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන්කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න