ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව 'B+'ශ්‍රේණියේ සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා ඇති බව වාර්තා වේ.
රොයිටර් පුවත් සේවය මේ බව සඳහන් කර සිටියි.
මේ අතර ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලින විදෙස් මුදල් ඒකක නිකුත් කිරීමේ (IDR)ශ්‍රේණිය පහළ දමා තිබේ. ඒ අනුව මින් පෙර පැවති 'B+'ශ්‍රේණියේ සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා ඇත.
පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම ගත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව ෆිච් රේටිංග්ස් ආයනය පවසා ඇති අතර මේ වන විටත් මතු වී ඇති බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම් තත්වයන් සහ අවිනිශ්චිත ප්‍රතිපත්තීන් මෙම ණය ශ්‍රේණිය පහත දැමීමෙන් නිරූපණය වනු ඇති බව ද ඔවුන් සඳහන් කරයි.
එසේම පසුගියදා මුඩිස් ආයතනයද ණය වර්ගීකරණය තුළ ලංකාව පහත හෙළීය.

